බන්ධනාගාර රැදවියන් 1,021 දෙනෙකු ඉකුත් වසර පහක කාලය තුලදි (2020 ජනවාරි 01 සිට 2025 දෙසැම්බර් 31) මියගොස් ඇති බැව් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ.
බන්ධනාගාර 25කින් මෙකි රැදවියන් මියයාම වාර්තා වි ඇති අතර එම මරණ වලින් සියයට 54ක් රිමාන්ඩ් රැදවියන් ( සැක) බවද විගණන වාර්තාවේ සදහන් වේ. ඉතිරි 469 දෙනා සිර රැදවියන් වන අතර මියගිය රැදවියන්ගෙන් සියයට 384 දෙනෙකු අයිස්, හෙරොයින්, නිති විරෝධිමත්ද්රව්ය, නිති විරෝධිමත්පැන්, නිතිවිරෝධි මෝදක, ගංජා ළග තබා ගැනිම හෝ විකිණිම යන වරදවල් යටතේ බන්ධනාගාර ගතවුවන් බවද විගණන වාර්තාවේ සදහන් වේ. එය මියගිය රැදවියන් සංඛ්‍යාවෙන් සියයට 38කි.
ඉකුත් වර්ෂය තුල මත්ද්‍රව්‍ය වැරදිමත සිරගත වුවන් සංඛ්‍යාව 29,177කි. එම වර්ෂය තුල බන්ධනාගාරගතවු මුළු රැදවියන්ගෙන් සියයට 61.2කි.